නියෝජ්‍ය පොලිස්පති ධර්මසිරිගේ වැඩ තහනම්


ගාල්ල නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි මහතාගේ වැඩ පොලිස්පති අණින් තහනම් කළබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. ඔහු ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සමයේ පෞද්ගලික කටයුත්තක් සඳහා ග්‍රාමාරක්ෂක භටයන් හතර දෙනකු හා පොලිස් කොස්තාපල්වරයකු යොදා ගත්තායැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාව ඔහුට එරෙහිව නඩු පවරා ඇත.